යුද හමුදාපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

සැප්තැම්බර් 29, 2022

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (සැප් 29) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණි යුද හමුදාපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා අද පස්වරුවේ අමාත්‍ය කාර්යාලයේදී සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍ර පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් විය.

ලුතිනන් ජෙනරල් ලියනගේ, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළේය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිල විදේශ සංචාරය අතරතුර වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා පත් කරන ලදි.

සිය සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපති රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද සිදුවිය.

නාවික, ගුවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්ද ඊයේ අමාත්‍ය තෙන්නකෝන් මහතා හමුවිය.