ස්විස්ටර්ලන්ත දූත පිරිසක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

සැප්තැම්බර් 30, 2022

යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දූත පිරිස සිය සංචාරය අතරතුර පසුගිය බදාදා (28) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූ අතර එම සංචාරය සඳහා ස්විස්ටර්ලන්ත දූත මණ්ඩල ප්‍රධානී රාඕවුල් ඉම්බාච් මහතා (Mr Raoul Imbach, Deputy Head of the Mission/Head of Chancery), කලාපීය ආරක්‍ෂක උපදේශක ගවුඩන්ස් රස්ට් මහතා (Mr Gaudenz Rust, Regional Security Advisor) සහ ජාතික වැඩසටහන් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරිනී සුශාන්ති ගෝබාලක්‍රිෂ්නන් මහත්මිය (Ms Sushanthy Gobalakrishnan, Senior National Programme Officer) එක්වූහ.

සංචාරයේ නිරත ස්විස්ටර්ලන්ත දූත පිරිස සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සිදුකළ සුහද අදහස් හුවමාරුව අතරතුරදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් සහ යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක කටයුතු වැනි කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

මෙම සුහද හමුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ද එක්වූහ.

අනුග්‍රහය - www.army.lk