නෙදර්ලන්ත තානාපතිනිය ශ්‍රී ලංකාවට පූර්ණ සහාය සහතික කරයි

ඔක්තෝම්බර් 07, 2022
  • ආරක්‍ෂක ලේකම් නෙදර්ලන්ත තානාපතිතුමියට රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නෙදර්ලන්ත රාජධානියේ තානාපතිනී අතිගරු බොනී හෝබැච් (H.E. Bonnie Horbach) මැතිණිය අද (ඔක්තෝබර් 07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ ඇයගේ පළමු සංචාරයේදී ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව ඉහළ නිලධාරීන් දෙපළ සුහද කතාබහක නිරත විය.

මෙම සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා නෙදර්ලන්ත තානාපතිතුමියට රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කළේය.

හෝබැච් තානාපතිතුමිය දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැමැත්ත පළ කළ අතර ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා ය.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.