8 වැනි කැරම් ලෝක ශූරතාවලියේදී නාවික හමුදාවට පදක්කම්

ඔක්තෝම්බර් 11, 2022

පසුගියදා මැලේසියාවේ ලංග්කාවි හි පැවති ජාත්‍යන්තර කැරම් සම්මේලනය (ICF) විසින් සංවිධානය කරන ලද 08 වැනි කැරම් ලෝක ශූරතාවලිය -2022 තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝසප් රොෂිටා පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

රටවල් 18 ක කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශූරතාවලියට සහභාගි වූ අතර එහිදී පිරිමි යුගල ඉසව්වේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දිනා ගත් බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කළේය.

තවද, අවස්ථා 11 කදී ප්‍රතිවාදීයාට අවස්ථාවක් නොදී ජයග්‍රහණය කරමින් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු, එම ශූරතාවලියේදී ‘Highest Number of Slams’ කුසලානය දිනා ගැනීමට සමත් විය.

බල කාන්තා නැවි රොෂිටා ඇතුළත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2022 වසරේ 08 වැනි කැරම් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානයට බවට පත් වූ බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේය.