ඊජිප්තු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 12, 2022

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු මගෙඩ් මොස්ලේහ් (Maged Mosleh) මැතිතුමා අද (ඔක්තෝබර් 12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙහිදී ජෙනරල් ගුණරත්න සහ තානාපති මොස්ලේහ් මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

දෙරට අතර ඉතිහාසය පුරා පැවති විශිෂ්ඨ සබඳතා පිළිබඳව සිහිපත් කළ මෙම නිලධාරීන් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ පුහුණු කටයුතු සඳහා වන ආධාර පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.