‘දරිද්‍රතාවයේ සිට සමෘද්ධිය දක්වා’ කෘතිය එළිදැක්වේ

ඔක්තෝම්බර් 14, 2022

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 14) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති, ‘දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

විදේශ කටයුතු අමාත්‍ය ගරු අලි සබ්රි මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ගෞරවනීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ‌ෙජනරාල් මිලින්ද රාජපක්‍ෂ සහ කථිකාචාර්ය, ඉංජිනේරු සහ විද්‍යාත්මක කතෘ චානුක වත්තේගම විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථයේ සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනය යන දෙකම එළිදැක්වීම මෙහිදී සිදුවිය. මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ දකුණු කොරියාවේ සංවර්ධන ආකෘතිය පිළිබඳ සමාලෝචනයක් ලෙසය.    

එම අවස්ථාවේදී කතුවරුන් දෙපළ විසින් එම කෘතියේ පිටපත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට සහ ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වූහ.