යුද හමුදා සංවිධානයෙන් යාපනයේදී සුහද වොලිබෝල් තරගයක්

නොවැම්බර් 08, 2022

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂක අංශ සහ ප්‍රදේශයේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුහදතාවයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස යුද හමුදාව විසින් පසුගියදා යාපනය මිරුසවිල්හිදී සුහද වොලිබෝල් තරගයක් සංවිධානය කරන ලදී.  

යුද හමුදාවේ 52 වැනි සේනාංකය විසින් සංවිධානය කරන ලද මෙම තරගය නැරඹීම සඳහා රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා සාමාජිකයින් සහ ක්‍රීඩාලෝලීන් පැමිණ සිටි බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.