නව වෙරළාරක්‍ෂක අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 11, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන අද (නොවැ 11) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙහිදී මෙම නිලධාරීන් දෙදෙනා අතර පැවති කෙටි සාකච්ඡාවකින් අනතුරුව ජෙනරල් ගුණරත්න රියර් අද්මිරාල් විතාන වෙත සිය සුබපැතුම් පළ කළේය.

රියර් අද්මිරාල් විතාන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 7 වැනි අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පසුගියදා පත්කරනු ලැබුවේ ඔහුට පෙර එම ධූරය හෙබවූ රියර් අද්මිරාල් අනුර ඒකනායක විශ්‍රාම යාමෙන් පසුවය.

ඒ අනුව රියර් අද්මිරාල් විතාන මේ වසරේ ඔක්තෝබර් 28 වැනිදා ආරක්‍ෂක ලේකම් අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.