දියකාවා යුද අභ්‍යාසය අදියර 10 - 2019 ආරම්භ වේ

සැප්තැම්බර් 03, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” අද (සැප්තැම්බර් 03) මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය (FTX) මෙවර පවත්වන්නේ නොකඩවා 10 වන වරටයි.

මෙම ඒකාබද්ධ ත්‍රිවිධ හමුදා යුධ පුහුණු අභ්‍යාසය සඳහා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගී වන අතර රටවල් ගණනාවක විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 100 කට අධික සංඛ්‍යාවක් “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” සදහා සහභාගී වේ.

මෙම අභ්‍යාසය නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය වන පරිදි පැවැත්වේ.

මෙම ඒකාබද්ධ ත්‍රිවිධ හමුදා යුධ පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින නැගෙනහිර පළාතේ කුච්චවේලි හිදී “ඒකාබද්ධ මෙහෙයුමක්” ලෙස අවසන් වන අතර අභ්‍යාසය පිළිබඳ පසුකථනයක් පසු දින (සැප්තැම්බර් 24) පැවැත්වේ.