කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව එළබෙන සතියේ

සැප්තැම්බර් 03, 2019

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ලබන සතියේ (සැප්තැම්බර් 11 සහ 12) පැවැත්වීමට නියමිතව ඇත. මෙම සම්මන්ත්‍රණය දිවයිනේ ප්‍රමුඛතම ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් 12 වන වරට පවත්වනු ලබන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, රත්මලාන හිදී ‘නව තාක්‍ෂණය හමුවේ මානව වර්ගයාට ඇති අභියෝග’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණය පැවැත්වේ.

සමුළුවේ දී පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළු, පුර්ණ සැසිවාරයන්, පෝස්ටර් ඉදිරිපත් කිරීම්, ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන ඇතුළු විෂයන් නවයක පෝස්ටර් ඉදිරිපත් කිරීම් සහ තාක්ෂණික සැසි, නීතිය, කළමනාකරණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර, නිර්මාණ ශාස්ත්‍රය, පරිගණක තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව මූලික හා ව්‍යවහාරික විද්‍යාවන් සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය විද්‍යාවන් පිළිබදව වැඩමුළු පැවැත්වේ.

පසුගිය වසරේ (2018) සැප්තැම්බර් 13 සහ 14 යන දෙදින තුල පවත්වන ලද 11 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව (IRC) ‘සහයෝගීතාවය තුළින් වෘත්තීය විශිෂ්ටත්වය සුරක්ෂිත කිරීම’ යන තේමාව යටතේ පවත්වන ලදී.

වැඩි විස්තර සඳහා http://www.kdu.ac.lk/irc2019/