සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ චීන නියෝජ්‍ය ඇමති රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ඔක්තෝම්බර් 10, 2019

චීන සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු යැංග් ෂියාඕවෙයි, රාජ්‍ය ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා බදාදා (ඔක්තෝබර් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම හමුව අතරතුර දී රාජ්‍ය අමාත්‍යතුමන් සහ චීන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.