ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරය සමරයි

ඔක්තෝම්බර් 10, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය අද (ඔක්තෝම්බර් 10) දින සමරනු ලැබීය. පසුගිය මස (සැප්තැම්බර් 28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිය සංවත්සරය වෙනුවෙන් ආරම්භක ආශිර්වාද උත්සවය පැවැත්වූ අතර ඊට සමගාමීව සියලු ආගමික ආශිර්වාද හා යාඥා උත්සව මාලාවක් සිදු කරන ලදී.

දශක තුනක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා යුද හමුදාවට මෙවර සංවත්සරය අතිශයින් වැදගත් වේ

යුධ හමුදා සම්ප්‍රදාය හා චාරිත්‍රයන්ට අනුව සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පවත්වන ලද අතර අද දින ප්‍රධාන සැමරුම් උත්සවය ගාලුමුවදොර පිටියේ දී පවත්වන ලදී

ගාලුමුවදොර පිටියේ දී පවත්වන ලද ප්‍රධාන පෙළපාලිය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වීය. එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද හමුදාධිපතිවරයායි. ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු මානුශීය මෙහෙයුම් වලදී කැපී පෙනෙන කාර්යයක් ඉටු කළ දක්ෂ නිලධාරියෙකි.  2019 අගෝස්තු 18 වන දින අතිගරු ජනාධිපතිතුමා විසින් එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලෙස පත් කරන ලදී.

බ්‍රිගේඩියර් ආර් සින්ක්ලෙයාර් ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටීමෙන් පසු 1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරන ලදී.

දියතලාවේදී සිය පුහුණු පාසල වන යුද්ධ හමුදා විද්‍යාපීඨය පිහිටුවන ලදී. බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු ලංකා හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාපති ලෙස පත් විය. එතැන් සිට මේ වන විට යුද්ධ හමුදාව පිරිස් බලයෙන් සහ ශක්තියෙන් පුළුල්ව රෙජිමේන්තු 24 ක් දක්වා වර්ධනය වී ඇත. මේ වන විට යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනකු ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවට අණ දී ඇත.

2009 වසරේ මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසුව සංහිඳියාව හා ජාතික සංවර්ධන වැඩසටහන් හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශාල කාර්යයක් ඉටු කර තිබේ. ඊට අමතරව ස්වභාවික විපත් හා වෙනත් හදිසි අවස්ථා හිදී සිය දායකත්වය ලබා දීම ද සිදුකරයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දේ.