06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් වෙයි

නොවැම්බර් 22, 2019

ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 21) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සාර්ථකව අවසන් විය. නාවික හමුදා මාධ්‍යට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) විසින් සංවිධානය කරන ලද තෙදින සම්මන්ත්‍රණයට බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා නිළධාරින් 26 දෙනෙකු සහභාගී විය.

සම්මන්ත්‍රණය “නාවික යුධ කටයුතු වලට අදාල නීතිය” (ජාත්‍යන්තර මානුෂිය නීතිය) යන තේමාව යටතේ පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය මගින් සාගරික ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම්, මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම, මිනිස් ජාවාරම පිටුදැකිම, නීති විරෝධී ධීවර කටයුතු වැලැක්වීම, සාගර දුෂණය පිටු දැකීම, දේශ සිමා ආරක්ෂාව වැනි විවිධාකාර සාගරික මෙහෙයුම් වල නිරතවන විවිධ රටවල නාවික නිලධාරින්ට තමන් මුහුණ දෙන ගැටළු සාකච්ජා කර විසඳුම් සෙවිම සඳහා මෙන්ම නාවික සංග්‍රාමික කටයුතු වලට අදාල ජාත්‍යන්තර නීතිය බලාත්මක කීරීමේ ගැටළු සහ අභියෝග සාකච්ඡා කිරිමට අවස්ථාවක් සලසා දෙන ලදී.