ශ්‍රී ලංකාව එල්ටීටීඊ සංවිධානය පරාජය කරමින් කලාපීය සාමය යතා තත්වයට පත් කිරීමට ක්‍රියා කල බව පාකිස්තාන විදේශ ඇමති කුරේෂි පවසයි.

දෙසැම්බර් 03, 2019

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක යෙදී සිටින පාකිස්තාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා විසින් එල්ටීටීඊය පරාජය කර ත්‍රස්තවාදය තුරන් කරමින් කලාපීය සාමය යථා තත්වයට පත් කිරීම සඳහා උදෙසා  ශ්‍රී ලංකා රජය විසින් සිදු කල කැපවීම එතුමන්ගේ පැසසුමට ලක් විය.

ඊයේ දින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ පාකිස්තාන විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා, ප්‍රධාන අංශ ඔස්සේ තවදුරටත් විවිධාංගීකරණය හා වර්ධනය කළ හැකි, දැනට වර්ධනය වෙමින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳවද සාකච්ඡා කළේය.

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහය අගය කළ එතුමා, කැපවීමෙන් යුතුව අසල්වැසි රාජ්‍යන් ලෙස එකිනෙකාට උපකාර කිරීම සඳහා තවදුරටත් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවද පවසා සිටියේය.

මෙම සංචාරය අතරතුර දී, විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ද  හමුවිය.