නාවික හමුදා 'නීල හරිත සංග්‍රාමය' සඳහා චීන තානාපති කාර්යාල සහය

දෙසැම්බර් 11, 2019

නාවික හමුදා නීල හරිත සංග්‍රාමය වෙනුවෙන් සහයෝගය දක්වමින් චීනය විසින් පාපැදි 50 ක් සහ විදුලි මෝටර් රථ 03 ක් ශ්‍රී ලංකා නාවික හමුදා වෙත ප්‍රදානය කර ඇත. නාවික හමුදා මධ්‍යයට අනුව, අද ( දෙසැම්බර් 10) වන දින නාවිකා හමුදා මුලස්ථානයේ පැවති උත්සවයකදී මෙම ප්‍රදානය සිදුකරන ලදි.

 ශ්‍රි ලංකාවේ මහජන චීන සමුහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳව නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් චැං ක්වාන් ජින්  විසින් පාපාදි සහ විදුලි මෝටර් රථ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත භාර දෙන ලදි.

මෙම පාපැදි සහ විදුලි මෝටර් රථ ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය තුල භාවිතය සඳහා යොදා ගැනීමට අදහස් කෙරේ. ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය නාවික හමුදා නීල හරිත සංග්‍රාමය යටතේ නීල හරිත පාරාදීසියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වැඩිදුර: නාවික හමුදා මාධ්‍ය ඒකකය