රජයේ අවශ්‍යතාවය විනයගරුක සහ නීතිගරුක පුද්ගලයින් සිටින රටත් බිහි කිරීමයි - ආරක්ෂක ලේකම්

ජනවාරී 01, 2020

රජයේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ විනයගරුක සහ නීතිගරුක පුද්ගලයින් සිටින රටක් බිහිකිරීම බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

රාජ්‍ය සේවකයින් වශයෙන් විනය පවත්වා ගනිමින් රටේ අභිවෘද්ධිය සඳහා එකමුතුව වැඩ කිරීම අත්‍යවශ්‍ය  වන බව ඔහු පැවසීය.

නව වසර වෙනුවෙන්  කාර්ය මණ්ඩලය වෙත සුබ පැතූ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා අද සිය කාර්ය මණ්ඩලය අමතමින් පවසා සිටියේ සියළු දෙනා වෙත විශාල වගකීම් ප්‍රමාණයක් පැවරී ඇති බව සහ අමාත්‍යාංශය යටතට රාජ්‍ය ආයතන කිහිපයක් ඇතුලත් කිරීමෙන් ජනාධිපතිවරයා අප කෙරෙහි විශාල විශ්වාසයක් තබා ඇති බවත් එම විශ්වාසය එලෙසින්ම තවදුරටත් පවත්වා ගැනීම සඳහා සියලු දෙනා දැඩි කැපවීමකින් කටයුතු කළ යුතු බවයි.

“ජනාධිපති රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිඥ්ඥා දී ඇති පරිදි රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එතුමන් මනා ඉදිරි දැක්මකින් යුතුව කටයුතු කරයි.මෙම දූරදර්ශී සංකල්පය යටතේ අපට වැඩි වගකීම් පැවරී ඇත. පුරාණ රජවරුන්ගේ, රණවිරුවන්ගේ සහ ශ්‍රේෂ්ඨ නායකයින්ගේ ලේ සහ දහඩිය පරිත්‍යාගයන්ගෙන් ආරක්ෂා වී ඇති ජාතිය සංවර්ධනය කිරීම සඳහා රජයේ සේවකයින් වශයෙන් අප කැපවීමෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතුයි.

නව වසර එළඹීම සැමරීම වෙනුවෙන් වූ සාම්ප්‍රදායික උත්සවයක් අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දවසේ කටයුතු ආරම්භ කෙරිණි. ආරක්ෂක ලේකම් විසින් ජාතික ධජය ඔසවා සියළු දෙනා විසින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින්  මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලදී. ඉන් පසුව අමාත්‍යාංශයේ සියලුම සේවකයින් විසින් රාජ්‍ය සේවක ප්‍රතිඥ්ඥාව ලබා දුන්හ.

වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ඇති බවත්, එය ජනාධිපති රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශයේ සේවකයින් කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු කරන බවත් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

“පුද්ගලික දුෂ්කරතා හෝ අපහසුතා නොසලකා අපේක්ෂිත ප්‍රථිපල ලබා ගැනීමට අප අමතර උත්සාහයක් ගත යුතුය. අමතර අභියෝගය භාර ගැනීමට අප කැපවිය යුතුය” අපේක්ෂිත කාල සීමාව තුළ පවරා ඇති රාජකාරින් සහයෝගයෙන් යුතුව ඉටු කිරීමට කැපවන ලෙස ඔහු සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

“ඔබේ කාර්යයේ කාර්යක්ෂමතාව හා සාර්ථකත්වය අත් කර ගත හැක්කේ අන්‍යෝන්‍ය සහයෝගය, කැපවීම සහ විනයගරුක වීම තුළින් පමණි. ආරක්ෂක හමුදාවන් මෙන්ම  ක්ෂේත්‍ර සංයුතීන් අතර ඇති එකමුතුබව  සහ අන්‍යෝන්‍ය සහයෝගය හේතුවෙන් අප යුද්ධය ජයගත් අතර එය දශක තුනක් පුරා පැවති යුද්ධය සාර්ථකව නිමා කිරීමේ තීරණාත්මක සාධකවලින් එකක් වූ අතර මාතෘ භූමියට සාමය උදාකර දීම මෙන්ම  මිනිසුන්ට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා සාමකාමී හා සාමකාමී වාතාවරණයක් ඇති කිරීමටත් ඉවහල් විය” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශය රටේ ආදර්ශමත් හා පිළිගත් රාජ්‍ය ආයතනයක් වූ  බව වත්මන්  ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළ අතර, මෙම  අමාත්‍යාංශය එවකට අත්කරගෙන  තිබූ  කීර්තිනාමය නැවත ලබා ගත යුතු බවද එතුමන් ප්‍රකාශ කළේය.

ගරු. අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  මග පෙන්වීම පිළිබඳව සඳහන් කළ ඔහු, පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන සිදුවීම් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ සේවකයින් එක්ව කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් එකිනෙකාට සහයෝගය දක්වන අතරම අමාත්‍යාංශය තුළ අන්‍යෝන්‍ය සුහදත්වයෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීමේ වැදගත්කමද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ජේෂ්ඨ නිළධාරින් , ජේෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සියලුම ආයතන ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.