ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු දිනයන්හිදී එක්රැස්විම්වලින් සහ ගමන් බිමන් වල යෙදීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී

මාර්තු 18, 2020

අලුතෙන් වාර්තා වූ රෝගීන් 9 දෙනෙකු ඇතුළුව සම්පූර්ණ තහවුරු කරන ලද COVID-19 අසාදිත රෝගීන් අද දක්වා 50 දක්වා ඉහළ යාමත් සමග, වේගයෙන් පැතිරෙන කොරෝනා  වෛරසය වැළැක්වීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවාඩු දිනවල විනෝද  චාරිකා සහ වන්දනා චාරිකා වලට සහභාගී වීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

COVID-19 පැතිර  යාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ (NOCPCO) පැවති මාධ්‍ය හමුවකදී, යුද හමුදාපති සහ COVID-19 පැතිර  යාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ   ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ COVID-19 පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති බවයි.

මේ වන විට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසට නැවත රට බලා ඒමට පහසුකම් සලසන බවත් ඔවුන්ව  නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවත් ඔහු පැවසීය.

 “අපි ඉල්ලා සිටිනවා සියලු විදේශිකයන් ගෙන් COVID-19 පැතිරීම වැලැක්වීම සඳහා සංචාරයන්හි යෙදීම සීමා කරන ලෙසත්, එමෙන්ම හෝටල්කරුවන්ගෙන් ,ආපනශාලා හිමියන්ගෙන් සහ විදේශිකයන් පදිංචිව සිටින ආයතනවල හිමිකරුවන්ගෙන් විදේශිකයන්ව ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසත්,”යැයි ඔහු පැවසීය.

දින 14 ක කාලයකට නිරෝධායනයකට භාජනය වූ ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින්  2,287 දෙනා අතුරින්  21 දෙනෙකු විදේශිකයන් වන අතර ඉන් 19 දෙනෙකු අසාදිත බවට  පරීක්ෂන වලින් තහවුරු වී  ඇති බව ලුතිනන් ජෙනරාල් සිල්වා  පැවසීය.

 “මෙම රෝගය අසාදිත වූ  පුද්ගලයින්ගෙන් බහුතරයක්  ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ආසාදනය වී තිබුණි. විදේශ රටවලින් දිවයිනට පැමිණි පුද්ගලයින් නිවාස නිරෝධායන ක්‍රියාවලියට ඇතුලත් කර ගැනීම සඳහා  ළඟම ඇති පොලිසියේ ලියාපදිංචි වන ලෙස රජය ඉල්ලා සිටී” ඔහු පැවසුවේ 4000 ට වැඩි පිරිසක් දැනටමත් පොලිසියේ ලියාපදිංචි ඇති බව ද පවසමිනි.

සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ පූර්වාරක්ෂාවන් පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා සිටියේ දැඩි කොන්දේසි යටතේ PCR (Polymerase Chain Reaction) පරීක්ෂණය පැවැත්වීමට පෞද්ගලික රෝහල්වලට අවසර දීමට රජය තීරණය කර ඇති බවයි.

 “අවසරලත් පෞද්ගලික රෝහල් විසින් පැය 24 ක් තුළ පරීක්ෂණ ප්‍රතිඵල  තම ගනුදෙනුකරුවන්ට ලබා දීම අනිවාර්ය වේ. මෙම පරීක්ෂණය රුපියල් 6,000 ක මුදලකට ට ලබා දිය  යුතු අතර එය පෞද්ගලික රෝහල්වල පවත්වනු ලබන පරීක්ෂණයකට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මිලයි.” ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය දුෂ්කරතා ඇති කරන බැවින් lockdown (ආරක්ෂක හේතුන් මත සියළු ආයතනයන් තුල ක්‍රියාකාරකම් සීමා කිරීම හෝ  නැවත්වීම) කිරීම සදහා රජයට කිසිදු සැලසුමක් නොමැති බවයි.

 “කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය දැනුම සහ පහසුකම් සුදානම් කිරීමට අමතරව දිස්ත්‍රික්ක කිහිපයක රෝහල් 12 ක් මේ වන විට සුදානම් කර තිබේ.” ඇය පැවසීය.

මේ අතර, අද සවස 4.30 සිට පුත්තලම් දිස්ත්‍රික්කයේ සහ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ සංචාරයන් සහ ගමන්බිමන් තහනම් කිරීම සඳහා පොලීස් ඇඳිරි නීතිය පනවා ඇත..

ඒ අනුව පුත්තලම,ආණමඩුව,කල්පිටිය,කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම,පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව,නොරොච්චෝලය  සහ පුත්තලම් කොට්ඨාශයේ සාලියවැව පොලිස් බලප්‍රදේශයටද පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

මීට අමතරව, හලාවත පොලිස් කොට්ඨාශයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව සහ ආරච්චිකට්ටුව යන පොලිස් බලප්‍රදේශවලටද  ද ඇඳිරි නීතිය පනවනු ඇත.