මුහුණු ආවරණ පැළදීම සහ දුරස්ථභාවය තබාගනීම සමස්ත ජනතාවගේම සමාජ වගකීමකි

මාර්තු 24, 2020
  • බොහෝ පුද්ගලයන් මුහුණු ආවරණ පැලඳ එකිනෙකා අතර දුර පවත්වා ගනිමින් කටයුතු කලද එසේ නොකරන පිරිස්ද වේ.

මරාන්තික කොරෝනා වෛරසයෙන් ජිවිත බේරාගැනීමේ මුලික පියවර ලෙස මුහුණු ආවරණය සහ දුරස්ථභාවය පවත්වාගතයුතුය. මෙවැනි භයානක තත්ත්වයකදී පෞද්ගලික වගකීමකින් යුතුව කටයුතු කල යුතුය.

අද (මාර්තු 24)  දින අඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසුව ලබාදුන් පැය 8 ක කාලය තුල අද දින කොලඹ ප්‍රදේශයේ ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේදී ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් වලට මහජනතාව අවනත වන්නේ කෙසේද යන්න පිලිබදව defence.lk විසින් නිරීක්ෂණය කරන ලදි.

බොහෝ අවස්ථාවන්හිදී මහජනතාව ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කල නමුත් සමහර පුද්ගලයන් තමන්ගේ සහ අනෙක් අයගේ ආරක්ශාව වෙනුවෙන් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරන බවක් නොපෙනුණි.

නැත. එය අපේ සටනකි.

COVID 19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සෞඛ්‍ය හා ආරක්ශක උපදෙස් නිවසින් පිටතදී පිළිපදින අයගේ වගකීම වේ.