රණවිරු ඇපරල්ස් වෛද්‍යවරුන් සඳහා මයික්‍රෝ ෆයිබර් ඇඳුම් කට්ටල නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි

මාර්තු 23, 2020

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ‘රණවිරු ඇපරල්’ ඇගළුම් ආයතනය විසින් වෛද්‍ය කණ්ඩායම්වලට ප්‍රතිකාර කිරීමේදී සහ ආසාධිත පුද්ගලයින්ගේ නිරෝධායන කටයතු සිදුකිරීමේදී භාවිතා කළ හැකි පා ආවරණ සහිත මයික්‍රෝ ෆයිබර් ඇඳුම් කට්ටල නිෂ්පාදනය ආරම්භ කර ඇත.

නව තාක්‍ෂණය යටතේ සීලර් යන්ත්‍ර මගින් මයික්‍රොන් 137 (පොලිතින්) භාවිතා කරමින් මෙම ඇඳුම් කට්ටල අඩු වියදමකින් නිෂ්පාදනය කර කෙරේ. එම සීලර් යන්ත්‍ර සැපයීමට ඩාර්ලි (පුද්ගලික) සමාගම දායක වී තිබේ.

පළමු ඇදුම් කට්ටල තොගය රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග  විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත භාර දෙන ලදී.