පසුගිය පුවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති හා කාම්බෝජ අගමැති හමුවෙයි

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ අග‍්‍රාමාත්‍ය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා අතර හමුව අද (08) පස්වරුවේ සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ වාර්තා වලට අනුව තද සුළං තත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි සුළං තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවා තිබේ. ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පූර්ව අනතුරු ඇඟවීමේ අවවාධාත්මක රතු අනතුරු ඇඟවීමක්...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා නියෝජිත කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 08) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් දේශීය ගුවන් සේවා අංශ නියෝජිතයින් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් ඇතුළු දේශීය ගුවන් සේවා අංශය නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 08) දින සවස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාම්බෝජ රජමාලිගයේ දී ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ආර්ථික, වෙළෙඳ, සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අරඹයි

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට එක් ව සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවාණන්ගේ 27 වන අනුස්මරණ උත්සවය

අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවාණන්ගේ 27 වන අනුස්මරණ උත්සවය අද (අගෝස්තු 08).


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි භට පිරිස් විසින් “පාද යාත්‍රා” බැතිමතුන්ට ආගන්තුක සත්කාර

මුලන්කාවිල් මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සඳහා “පාද යාත්‍රා” වන්දනාවට සහභාගීවී සිටි බැතිමතුන් පිරිසක් කිලිනොච්චි ප්‍රදේශය වෙත පැමිණි පසු කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසාධ්‍ය තත්වයේ පසු වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ඉරණතිව් දුපතේදී නාගයකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි දේශීය ධීවරයෙකු අඟහරුවාදා (අගෝස්තු 06) දින නාවික හමුදා භටයන් විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවංගත ෆැස්ලි ලෆීර් අනුස්මරණ දේශණය - ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව (INSSSL) හිදී වාර්ෂික දේශණ මාලාවේ එක් දේශණයක් අද (අගෝස්තු 07) දින බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවසීලන්ත මහ කොමසාරිස්වරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවසීලන්ත මහ කොමසාරිස්වරිය වන ජොආනා කෙම්ප්කර්ස් (H E Mrs. Joanna Kempkers) මහත්මිය අද (අගෝස්තු 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේ මහනුවර ඇසල පෙරහැර සාර්ථකව පැවැත්වේ

සඳුදා (අගෝස්තු 05) දින ආරම්භ වූ වාර්ෂික ඇසල පෙරහැර අද (07) වීදි සංචාරය කරන තෙවන දිනයයි. ආරක්‍ෂක මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් ත්‍රිවිධ හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවා ඇති අතර දැඩි ආරක්‍ෂක විධිවිධානයන් ක්‍රියාත්මක වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාවෙන් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් යාපනයේ අඩු ආදායම්ලාභි පවුලකට පරිත්‍යාග කරන ලදී. යුධ හමුදා නිල වෙබ් අඩවියට අනුව පසුගිය සඳුදා (අගෝස්තු 05) දින කොඩිකාමම් හි දී පැවති උත්සවයකදී මෙම නිවස රාජරත්තිරම් ජයකුමාරි මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019 අගෝස්තු මස අවසානයේදී

කොළඹ ආරක්ෂක සමුළුව - 2019 මේ මස (අගෝස්තු) අවසානයේ කොළඹදී පැවැත්වීමට නියමිතය. යුද හමුදා නිල වෙබ්අඩවියට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දෙදින ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව 29 වන දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ වන අතර 30 වන දින සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයට නව ශ්‍රවණාගරයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය (KDU) දක්‍ෂිණ මණ්ඩපයේ නවතමයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය ඉරිදා (අගෝස්තු 04) දින විවෘත කරන ලදී. නාවික හමුදා මාධ්‍යයට අනුව, මෙම නව ශ්‍රවණාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්පාදනය කිරීමට උත්සුක නොවුණු ඇතැමුන් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරනවා – ජනපති අවධාරණය කරයි.

අප්‍රේල් 21දා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ත්‍රස්තවාදී ව්‍යාපාර මුලිනුපුටා දැමීමට නව නීති සැකසිය යුතු බවට ජාති ආගම් භේදයෙන් තොරව සමාජය තුළින් මතයක් පැමිණිය ද මාස තුනක් ඉක්මවූවත් එම නීති ගෙන ඒමට කටයුතු නොකළ ඇතැම් පිරිස් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරන බව ජනපති පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 සැප්තැම්බර් මාසයේදී

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 සැප්තැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වේ. ‘නව තාක්‍ෂණය හමුවේ මානව වර්ගයාට ඇති අභියෝග’ යන තේමාව යටතේ දෙදින සමුළුව පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී නාගපූසානි අම්මාන් කොවිලේ වාර්ෂික ‘ආදිපුරම් පූජාව’ සදහා නාවික හමුදා සහාය

නයිනතිව් දූපතේ ශ්‍රී නාගපූසානි අම්මාන් කෝවිලේ වාර්ෂික ‘ආදිපූරම් පූජාව’ අගෝස්තු 03 වන දින පැවැත්විණි. නාවික හමුදා මාධ්‍යන්ට අනුව, වාර්ෂිකව පැවැත්වෙන මෙම හින්දු ආගමික උත්සවය සාර්ථක කර ගැනීම සදහා උතුරේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් සහාය ලබා දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි යුධ හමුදා සාමාජිකයින්ගෙන් ප්‍රදේශවාසීන්ට ආධාර

කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමුකරමින් ඔවුන්ට පානීය ජලය ගබඩා කිරීම සඳහා අවශ්‍ය ජල ටැංකි ලබා දීමට කටයුතු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් මහනුවර ඇසල පෙරහැර ආරක්‍ෂක තත්වය සොයා බැලීමේ සංචාරයක

හෙට සිට ඇරඹෙන ඇසල පෙරහැරේ උපරිම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා පැවසීය


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වාසී ජනතාවගේ ආරක්‍ෂාව සහතික කර ඇති අතර සංචාරය කිරීම සදහා රට ආරක්‍ෂිත වේ

අවාසනාවන්ත අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව රටේ ආරක්‍ෂාව සහ ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජය විසින් අවශ්‍ය සියලු ආරක්‍ෂක විධිවිධාන ගෙන ඇත. පූජනීය ස්ථාන, පොදු ස්ථාන, සංචාරක ස්ථාන, රාජ්‍ය ආයතන, ගුවන්තොටුපල, වරාය, රෝහල් ආදිය සඳහා ආරක්‍ෂාව සැපයීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය,  බුද්ධි අංශ සහ අනෙකුත් රාජ්‍ය ආරක්‍ෂක ආයතන සමඟ විශේෂ දිවයින පුරා පූර්ව ආරක්‍ෂක පියවරයන් ගෙන තිබේ


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් මහනුවර නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා එක්වෙයි

වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර උත්සවය ආරම්භ කිරීමට පෙර මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශය පිරිසිදු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි මස 28 සහ 29 දිනයන්හි දියත් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 94 දෙනෙකු සහභාගි වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් බිඳුණු හදවත් යළි එක් කිරීමට ආගමික නායකයන් නායකත්වය ගත යුතු අතර පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා දේශපාලනඥයන් ද ඒ සඳහා ජාතියේ වගකීම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ පදවිය - පරාක්‍රමපුරහිදී පසුගිය සතියේ පැවැත්විණි. යුධ හමුදා මාධ්‍යයට අනුව මෙම ප්‍රදර්ශනය ජූලි මස 26 සහ 27 දෙදින පුරා විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පදවිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි