පසුගිය පුවත්
නිවසේ සිට වැඩකරන කාලය සිකුරාදා දින දක්වා දීර්ඝ කෙරේ
නිවසේ සිට වැඩකරන කාලය හෙට සිට ලබන සිකුරාදා, එනම් අප්‍රේල් 06 දින සිට 10 දින දක්වා රජය විසින් තවදුරටත් දීර්ඝ කර ඇත.
58 වන සේනාංකය විසින් වැඩිහිටි නිවාසයක් වෙත දිවා ආහාර පාර්සල් ලබා දෙයි
58 වන සේනාංකයේ රාජකාරියේ නියුතු යුද හමුදා සාමාජිකයින් විසින් කලාඔය ප්‍රදේශයේ පිහිටි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත වියලි සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කර ඇත.
සංසරණය වන ව්‍යාජ පුවත් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන්න - ජනාධිපති
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ අර්බුදය අතරතුරදී ජනාධිපතිවරයාගෙන් යැයි පැවසෙමින් වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක් මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍යයන් හරහා ව්‍යාජ ලෙස පණීවුඩ සංසරණය වන බවයි.
සම්පුර්ණ වසා දැමීමක් (lockdown) සිදු කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැත - ආරක්ෂක ලේකම්
රට තුල උද්ගතවී තිබෙන COVID-19 හා සම්බන්ධ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි සතිය තුළදී සම්පූර්ණ වසා දැමීමක් (lockdown) ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
ඉරණමඩු හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 172 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වෙයි
ඉරණමඩු හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ විදෙස් රටවල සිට මෙරටට පැමිණි 172 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සොයිසාපුර ප්‍රදේශවාසින් වෙත එළවළු ලබා දෙයි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ප්‍රදේශවාසින් වෙත සහන මිලට එළවළු ලබා දී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පිරිස්ගේ මගපෙන්වීම මත COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීති කාලසීමාවේදී මහජනතාව අතර ආහාර සහන බෙදා හැරීම CSD විසින් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල විශබිජහරණයට ලක්කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ න්‍යෂ්ටික හා පුපුරන ද‍්‍රව්‍ය අංශය (Chemical Biological Radiological Nuclear and Explosive Wing) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) ගුවන් යානා යාත්‍රාoගණය විෂබිජහරණය කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි.
යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ තවත් 288 දෙනෙකු ඉන් පිටව යයි
දියතලාව, රන්ටැඹේ, පෙරියකාඩු, බෝගොඩ සහ පල්ලෙකැලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු 288 දෙනෙකු අද දින () සිය නිවෙස් බලා පිටව ගියහ.
එලයන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් COVID-19 රෝග පරීක්ෂා කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට රුපියල් මීලියන 4 ක් වටිනා යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.
රෝහලේ COVID-19 පරික්ෂා කිරීමේ පහසුකම් සැලසීම සඳහා එලයන්ස් රක්ෂණ ලංකා සමාගම High Performance Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් මිලදී ගැනීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) රෝහලට මූල්‍ය පරිත්‍යාගයක් කර ඇත.
රණවිරු සේවා අධිකාරිය වෙත අත් වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක්
COVID - 19 පැතිරීම පාලනය කිරීමට රජය ගෙන ඇති පියවරට සහය දක්වමින් Metallurgical Corporation of China Ltd විසින් අත්වැසුම් සහ මුහුණු ආවරණ තොගයක් අද (අප්‍රේල් 02) දින රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර වෙත අත්වැසුම් සහ මුහුණු ආවරණ යුගල 4000 ක ප්‍රමාණයක් පැවති කෙටි උත්සවයක දී භාර දී තිබේ.
මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම ඉහළයි - ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ද සිල්වා
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව අනාවරණය කරයි. එය රු. බිලියන 12.5 ක ඉහළ වටිනාකමක් ගනි.
ශ්‍රී ලංකා නාවික හමුදාව මාර්තු 28 වන දින ඉන්දියානු සාගරයේ ජාත්‍යන්තර මුහුදේ ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් ඇතුළු මත්ද්‍රව්‍ය ටොන් එකක් පමණ රාජසන්තක කළේය.
COVID-19 තර්ජනය මධ්‍යයේ, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවන් දැඩි අවධානයෙන් - ආරක්ෂක ලේකම්
- ජාතික ආරක්ෂාවට එරෙහි තර්ජනයක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලු බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව පවසයි.
සමස්ත ලෝකයම COVID-19 භීතියෙන් ගිලී සිටින අතර, වෛරසය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පූර්වාරක්ෂක පියවරක්ම ගන්නා ශ්‍රී ලංකා රජය, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් , ත්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමට දැඩි පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
අටළුගම සහ අකුරණ සම්පුර්ණයෙන් මුද්‍රා තැබේ.
කළුතර අටළුගම සහ මහනුවර දිස්ත්‍රික්කවල අකුරණ මුළුමනින්ම හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු මෙම ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොමැත.
අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග
අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු විට දිස්ත්‍රික්ක අතර සංචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අධි අවදානම් කලාපවල ඇඳිරි නීතිය හෙට දිනයේත් එලෙසම පවතින අතර අනෙකුත් ප්‍රදේශවල ඇදිරිනීතිය හෙට දින ලිහිල් කරනු ඇත
අධි අවදානම් කලාපවලට (කොළඹ, ගම්පහ,කළුතර , පුත්තලම, මහනුවර සහ යාපනය) පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු නොවෙනස්ව පවතින අතර හෙට (අප්‍රේල් 1) දින අලුයම 6.00 ට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර නැවත එදිනම සවස 2.00 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.