පසුගිය පුවත්
රුපියල් මිලියන 3,270 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ගැඹුරු මුහුදේ සිදුකරන ලද මෙහෙයුමකදී ඊයේ උදෑසන වටිනාකම රුපියල් මිලියන 3,270 ක් වන හෙරොයින් සහ crystal methamphetamine (අයිස්) තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
150,000 කට අධික පිරිසකගේ සහන දීමනා බෙදා හැරීමට යාපනය හමුදා සාමාජිකයින්ගේ සහාය
COVID-19 පැතිරීම සීමා කිරීම සදහා පනවා තිබෙන ඇදිරි නීතිය හේතුවෙන් යාපනය අර්ධද්වීපය තුල පීඩාවට පත්ව සිටින 150,000 කට අධික පිරිසකට සහනාධාර බෙදා හැරීම සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට සහාය ලබා දී ඇත.
COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෝමගම මූලික රෝහල් වාට්ටුව නවීකරණය කරයි
හෝමගම මූලික රෝහලෙන් ලැබුණු ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශයේ කණ්ඩායමක් විසින් COVID-19 සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේවෙන්කර ඇති අංක 1 වාට්ටුව නවීකරණය කරන ලදි.
ගමනාගමනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි - පොලිසිය
අද (අප්‍රේල් 11) දින සිට මාර්ගයේ ගමන් කරන සියලුම අවසරලත් පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
COVID-19 ආසාධිත සරණාගතයින්ට මෙරටට අනවසරයෙන් ඇතුළු වීමට ඉඩක් නැත - ශ්‍රී ලංකා නාවික හමුදාපති
COVID-19 පිළිබද බිය නිසා ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලින් පලා යන පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙරට මුහුදු තීරයේ සහ වෙරළ තීරයේ සිය නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම බෙදාහදා ගැනීමට සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා විශේෂඥයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වේ
ශ්‍රි ලංකාවේ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා යාන්ත්‍රණයක් සොයා ගැනීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා විද්වතුන් සහ විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලකයින් ඇතුළු වෘත්තිකයින් පිරිසක් ඔවුන්ගේ ක්ෂේත්‍රයට අදාල, වෘත්තීය දැනුම හා තාක්ෂණික යෙදවුම් බෙදා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
නාවික හමුදාව විසින් ස්වයං නිරෝධායනය වෙමින් සිටි සීදුව ප්‍රදේශවාසීන් 28 දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කර යවයි
ප්‍රදේශයේ COVID-19 පැතිරීමේ අවදානමක් ඇති බව සොයා ගැනීමෙන් පසු ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබියදී එම ක්‍රියාවලිය මගහරිමින් සිටි සීදුව ප්‍රදේශවාසීන් 28 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පුවක්පිටිය ප්‍රදේශවාසීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට අලෙවි කරයි
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 9) දින සහන මිලකට මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ ජනතාව අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කර තිබේ.
නාවික හමුදාව නිදන් හෑරූ පුද්ගලයන් හය දෙනෙකු අල්ලා ගනී
අප්‍රේල් 8 වන දින පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නාවික හමුදාව විසින් නිදන් හාරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් වැඩිදියුණු කරන ලද විෂබීජ නාශක කුටියක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කෙරේ.
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණය සිදු කල හැකි කුටියක් කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත අද (අප්‍රේල් 10) දින භාර දෙන ලදී.
පුත්තලම් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 260 ක් අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් නිපදවීමට භාවිතා කළ උපකරණ සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 37 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 28 ක නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පුද්ගලයින් 37 දෙනෙකු ඊයේ (අප්‍රේල් 9) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
මුලතිව් ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට
මුලතිව් වඩ්ඩුවාක්කල් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අප්‍රේල් 8 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.
ගාල්ල ධිවර වරායේ වරායේ ට්‍රෝලර් යාත්‍රාවක හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදාවේ සහය
ගාල්ල ධිවර වරායේ බහු දින ධීවර යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදාවේ දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය ඊයේ (අප්‍රේල් 8) දින කටයුතු කර ඇත.
COVID-19 රෝගීන් හට ප්‍රථිකාර කටයුතු සඳහා නාවික හමුදාව 'Medi Mate' රොබෝ යන්ත්‍රය නිපදවයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දුරස්ථව පාලනය කල හැකි ස්වයංක්‍රීය උපාංගයක් වන 'Medi Mate’ උපකරණය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලට (එන්එෆ්ටීඑච්) ඊයේ (අප්‍රේල් 8) දින භාර දුන්නේය.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදුකරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අඛණ්ඩව සිදුකරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 8) දින මොරටුව මඩම්පිටිය ප්‍රදේශවාසින් අතර පලතුරු හා එළවළු බෙදා හැර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුල්ලේරියාව රෝහලේ වාට්ටුවල සීසීටීවී පද්ධති ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ තාක්‍ෂණික කණ්ඩායමක් විසින් නැගෙනහිර කොළඹ මුල්ලෙරියාව මූලික රෝහලෙහි වාට්ටු හතරක මහජන ඇමතුම් කථන පද්ධති සහ Wi-Fi සම්බන්ධිත සීසීටීවී කැමරා පද්ධති ස්ථාපනය කරන ලදි.
නාවික හමුදා රෝහලෙන් ප්‍රථිකාර ලබාගන්නා නාවික හමුදා රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් නිවෙස්වලට ලබා දීමේ වැඩසටහනක්
වැලිසර නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික, දැනට සේවයේ නියුතු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා ඔවුන්ගේ ඖෂධ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 08) ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඖෂධ අඩංගු පාර්සල් 186 ක් ඔවුන් වෙත බෙදා දිම සිදු කරන ලදී.
ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම රු. මිලියන 10 ක් ‘Fight for Covid-19 Fund’අරමුදල සඳහා පරිත්‍යාග කරයි
ගෝලීය ෆෙයාර්ෆස්ට් සමූහයේ කොටසක් වන ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම විසින් එහි සේවකයින් විසින් එකතු කරන ලද රු. මිලියන 10 ක්, , නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජයේ පියවරයන්ට සහාය වීම සඳහා පිහිටුවන ලද ‘Fight for COVID-19 අරමුදල’ වෙත පිරිනමන ලදි.