පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ. ආරක්‍ෂක අංශ විසින් දිවයිනේ සියලුම පූජනීය ස්ථානවලට උපරිම ආරක්‍ෂාවක් ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම හෙට සිට තහනම් කිරීමට පියවර‍

ජාතික හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම සැකකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අද (අප්‍රේල් 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්තුමන් ලෙස හිටපු හමුදාපති ජෙනරාල්  එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා පත්කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් පැවති ආගමික වැඩසටහනට ජනපති එක්වෙයි

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (28) පෙරවරුවේ එක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදු සමා කාලය තුළ සේවය හැරගොස් සිටි බොහෝ පිරිසක් භාරවෙති

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹයි

හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රති ප්‍රහාරයන් වලදී තුවක්කුකරුවන් දෙදෙනෙකු මරුට

පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (26) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නින්දවූර් සහ සහින්දමරදු ප්‍රදේශයන් වලදී ඇතිවූ වෙඩිතබිගැනීම හේතුවෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මධ්‍යම රාත්‍රිය පුරාවටම එම ප්‍රදේශය තුළ ආරක්‍ෂක මුරකාවල් යොදවනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත

යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් සමඟින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව කල්මුණ නින්දවූර් ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්‍ෂා කිරිමට යන අවස්ථාවේදි එම නිවස තුළින් වෙඩි ප්‍රහාරයක් සහ පිපිරිමක් සිදුවී ඇති අතර සිකුරාදා (26) දින සවස ආරම්භ කළ මෙම සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව සෙනසුරාදා (27) දින උදෑසන එම පිපිරිම සිදුවී ඇති ස්ථානය වෙත ලගා වීමට ආරක්‍ෂක අංශවලට හැකියාව ලැබී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදී සැකකරුවන් හඳුනාගැනීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලයි

පාස්කු ඉරිදා (21) දින කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා හඳුනාගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. ඒ පිළිබඳ යම් තොරතුරක් ඇතිනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දිය හැකිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය (ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය)

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්ධීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ පියවර ගනිමින් සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති ප‍්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව රැස් වේ.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කෙරේ….


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයක් පත් කරයි

ඊයේ දින (2019 අප්‍රේල් 21) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී. ඉදිරියේ දී රට තුළ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාවන්ට ඉඩක් නොමැති බව ජනපති පවසයි.

අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

පසුගියදා බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි තොරතුරු සඳහා හමුදා මූලස්ථානය අමතන්න

දැනට පවතින හදිසි ආරක්‍ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින්, වාහන, ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතු වේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් පහත සඳහන් යුද්ධ හමුදා මූලස්ථාන දුරකථන අංක අමතා ලබාදීමට කටයුතු කරන ලෙස ඔබ සැම වෙත දන්වා සිටිනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට ජනපති විශ්වාසය පළ කරයි.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක මණ්ඩලය ජනපති ප‍්‍රධානත්වයෙන් රැස් වේ

ජාතික ආරක්‍ෂක මණ්ඩලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී පහත සඳහන් තීරණවලට එළැඹිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය

අද පෙරවරු 0830 සිට පෙරවරු 0900 දක්වා කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වි තිබෙනවා.