ජා-ඇල COVID-19 ආසාදිත රෝගීන් සමඟ සමීපව සම්බන්ධ වූ තවත් නිවැසියන් 52 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරන ලදී

අප්‍රේල් 12, 2020

ජා-ඇල , සුදුවැල්ලෙහි COVID-19 ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය පිළිබඳ බුද්ධි තොරතුරු ලබා  ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දුන් නිරෝධායන නියෝග වලින් වැළකී සිටි බැවින් ඔවුන්ව නිරෝධායනය කිරීමට උපදෙස් දී තිබේ.

ඔවුන් ඔලුවිල්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති පුද්ගලයින් 28 දෙනාගෙන් හය දෙනෙකු දැනටමත් COVID-19 ආසාදිත බව  පරීක්ෂාවලින්  තහවුරු වී ඇත.

COVID-19 ආසාදිත රෝගීන් හා නිරෝධායනය යටතේ සිටින අනෙක් අය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අනෙකුත් නිවැසියන් සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ නියෝග නොතකා පිටතට නොපැමිණීම නිසා, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ සහ පොලිසිය එක්ව ඔවුන්ව සොයා  නිරෝධායනයට යොමු කිරිම පිණිස ජා-ඇල  සහ මාකෙවිටහි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.  

මෙම වැඩසටහනේදී  නාවික හමුදාව  සහ පොලිස් කණ්ඩායම් එක්ව, ජා-ඇලින්  පුද්ගලයින්  43 ක් සහ මාකෙවිටෙන්   9 දෙනෙකු ඇතුලුව 52 ක් හඳුනා ගැනීමට සමත් විය.

නිරෝධායනය සඳහා යවන ලද මෙම කණ්ඩායමේ පිරිමි 42 ක් සහ ගැහැණු 10 ක් වන අතර, පිරිමි ළමුන් 3 ක් හා ගැහැණු ළමයින් 3 ක් ද ඒ අතර සිටිති.
ඔලුවිල්හි  නාවික හමුදා  නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට පෙර ඔවුන් මූලික සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් කර ඇත.