කැළණි ග‍ඟේ දියේ ගිලෙමින් සිටි අයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී.

අප්‍රේල් 19, 2020

පෑලියගොඩ නව කැළණි පාලම අසල කැළණි ග‍‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.

කැළණි ග‍‍ඟේ යාත්‍රා මුර සංචාරයක යෙදී සිටි නාවික හමුදා සෙබළුන්ට මෙම පුද්ගලයා නිරීක්ෂණය වී ඇත.

මෙම සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.