මේ දක්වා පවත්වන ලද PCR පරීක්ෂණ ගණන 21,000 කි

මැයි 01, 2020

මේ වන විට PCR පරීක්ෂණ 21,000 ක් සිදු කර ඇති අතර දිවයිනේ වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඉන්  3% පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙය නිරෝධායන ක්‍රියාවලියේ ධනාත්මක ප්‍රවණතාවක් ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් අවධාරණය කර ඇත්තේ ඊයේ (30) දින  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපති මාධ්‍ය අංශයට  අනුව, PCR පරීක්ෂණයට භාජනය වූ නාවික හමුදා නිලධාරීන් 997 දෙනෙකුගෙන් 159 දෙනෙකුට  පමණක් වෛරසය අසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් සියයට 80 ක්ම  රෝග ලක්ෂණ පෙන්වා  නොමැත.