සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී -56 අවිය සොයා ගනි

ජුනි 12, 2020

ගල්කිස්ස , සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සඳහා යොදාගත් අවිය බස්නාහිර  පළාතේ අපරාධ අංශය (දකුණු දිශාව ) විසින් මාලබේ දී සැකකරුවෙකු සමඟ ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල  පදිංචි 40 හැවිරිදි මෙම සැකකරු සතුව තිබී ටී -56 ගිනි අවියක්, මැගසින්  දෙකක් සහ පතොරම් 35 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර  ඊයේ දින ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත් කර තිබේ.

මැයි 29 වන දින ගල්කිස්ස, සොයිසාපුර හි අවන්හලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.