මන්නාරම සහ අනුරාධපුර රෝහල් සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 180 දෙනෙකු ලේ පරිත්‍යාග කරයි

ජුනි 16, 2020

අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මන්නාරම මහ රෝහල විසින් සිදු කරන ලද ඉල්ලීම්වලට  ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉරිදා (ජුනි 14) දින ලේ දන් දීමේ වැඩසටහනක් සිදු කර තිබේ.

රෝහල් බලධාරීන් විසින් එම රෝහල්වල පවතින රුධිර අවශ්‍යතාවයන්  පිලිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර ඇත.

ඒ අනුව 54 වන සේනාංක මූලස්ථානයේ සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්  180 දෙනෙකු ලේ  පරිත්‍යාග කර ඇති බව යුද්ධ හමුදාව පවසයි.