අවශ්‍යව තිබු අපරාධකරුවකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

ජුනි 20, 2020

මරණ තර්ජන කිරීම් ඇතුළු කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ  අපරාධකරුවකු ඊයේ (ජුනි 19) රාගම දී අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිසර ගරු අධිකරණය විසින් ඊයේ පැය 72 ක රැදවුම් නියෝග නිකුත් කර ඇත.

අවශ්‍යව තිබු මෙම අපරාධකරු රාගම, හොරපේ හිදී අත්බෝම්බයක්, තහනම් පිහියක්, කේරල ගංජා සහ කාර් රථයක්ද සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිට පෙර ගම්පහ සහ වැලිසර අධිකරණ වලින් මෙම අපරාධකරුට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබී ඇත.

මෙම සිදුවීම පිලිබදව රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.