සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ජුනි 22, 2020

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පාතාල අපරාධකරුවෙකු වන ඉදුනිල් කුමාර නොහොත් ‘ඉන්ද්‍රා’ ගේ සමීපතම හිතවතෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම හංවැල්ල, ඇඹුල්ගම  විශේෂ කාර්ය බලකායේ  සංවිධානාත්මක අපරාධ මර්ධන  ඒකකය විසින් සිදු කරන ලදී.

සැකකරුවන් අතර වූ එක් අයෙකු තානිප්පුලි අරච්චිගේ දසුන් බුද්ධික ජයතිලක නොහොත් ‘අක්කු’ නම් පාතාල සාමාජිකයා බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ පිස්තෝලයක්, කඩු තුනක්, කිනිස්සක්   සහ කේරළ ගංජා ග්‍රෑම් 325 ක් ද සොයා ගෙන තිබේ

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා හංවැල්ල පොලිසිය වෙත භාර දී ඇත.