මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 8,400 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ජුනි 25, 2020

ජුනි 06 සිට ජුනි 24 දක්වා කාලය තුළ හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ගනුදෙනු කිරීම ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබූ සැකකරුවන් 8,461 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.    

සිදුකළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 7.3 කට වැඩි ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 284 ක් සහ අයිස් ග්‍රෑම් 835 ක් රාජසන්තක කර ඇති බව පොලිසිය පවසයි.    

මිට අමතරව පිස්තෝල 3 ක්, රිපීටර් 23 ක් සහ තුවක්කු 21 ක් ඇතුළු නීති විරෝධී ආයුධ හා පතොරම් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.    

නීතිවිරෝධී මත්පැන් ලීටර් 379,700 කට වැඩි ප්‍රමාණයක් සහ සැකකරුවන් 7,150 ක් වෙන්ව කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.    

මේ අතර, රට පුරා සිදුකරන ලද මෙහෙයුම් මගින් නීතිමය කටයුතු මග හැර ගිය වරෙන්තුකරුවන් 6,750 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. තවත් වැරදි සම්බන්ධයෙන් 12,000 කට වැඩි සැකකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.