දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1630 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ජුලි 21, 2020

අද දින (21) උදෑසන වන විට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1630  දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රිපීටර් තුවක්කුවක්, ගල් කටස් වර්ගයේ තුවක්කු 03ක්  සහ නීති විරෝධී පිහි දෙකක්, ජිව පතොරම් 123  ඔවුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු , නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 390  ක් සහ නීති විරෝධී මත්පැන් සඳහා 278 ක් දෙනෙක්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මගහැරී පුද්ගලයින් 309  ක් සහ වෙනත් ඒ හා සමාන වැරදි සඳහා 641 දෙනෙකු අදාළ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම් වලදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 7,659  කට වැඩි ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් එකක්, ‘අයිස්’ ග්‍රෑම් 191  ක් සහ හෙරොයින් ග්‍රෑම් 148  ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.