වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාම සඳහා යොදාගත් පුසෙකු බන්ධනාගාර බුද්ධි අංශ සොයා ගනී

අගෝස්තු 02, 2020

හෙරොයින් සහ සිම් කාඩ්පත් සමග වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත යවන ලද බළලෙකු ඊයේ (අගෝස්තු 1) බන්ධනාගාර ප්‍රධාන පිවිසුමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලදී.

කුඩා පොලිතින් පැකට්ටුවල දමා බළලාගේ ගෙල වටා ගැටගසා තිබූ හෙරොයින් ග්‍රෑම් 1 ක් හා ග්‍රෑම් 2 ක් බරැති පැකට් දෙකක්, සිම් කාඩ්පත් දෙකක් සහ මතක දණ්ඩක් තිබු බව බන්ධනාගාර දෙපාර්තමේන්තු කොමසාරිස් (පරිපාලන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට වෙත ලැබුණු තොරතුරකට අනුව බළලා අල්ලා ගත් බව ඔහු පැවසීය.

බොරැල්ල පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ පිළිබද වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.