රට තුළ සාමය ස්ථාපිත කර ඇත

මැයි 18, 2019

මේ වනවිට රට තුල සාමය ස්ථාපිත කර ඇති අතර, පවතින සාමකාමී තත්ත්වය තුල ආරක්ෂක අංශ දැඩි අවදානයෙන් පසුවන බවත්, යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සාමය බිඳ දැමීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරනු ඇත. සමාජ මාධ්‍ය භාවිතා කරමින් ව්‍යාජ තොරතුරු හෝ ජාතින් අතර වෛරය ඇතිවන ආකාරයේ තොරතුරු පතුරවන අයවලුන් පිළිබඳව සොයා බැලීමට පොලිස් මූලස්ථානය තුළ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, එම ඒකකය මගින් සිදුකරනු ලබන පරීක්ෂණ තුලින් යම් අයකු වැරදිකරු බවට ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයා නිතිය හමුවට පමුණුවා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 17) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු මැයි 16 දින අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්නකිරීම් සිදුකරමින් සිටි. හදිසි නීති රෙගුලාසි යටතේ පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ ලඟම ඥාතියකු හට අත් අඩංගුවට ගැනීමේ රිසිට්පතක් ලබා දෙන අතර එම සැකකරු නැවත මුදා හැරීමේ දී අදාළ රිසිට්පත අදාළ පොලිස් ස්ථානය වෙත නැවත භාරදීමට කටයුතු කලයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.