කොළඹ පොලිස් බල ප්‍රදේශ 05 කට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 22, 2020

කොළඹ දිස්ත්‍රික්කයට අයත් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව මීට ස්වල්ප වේලාවකට පෙර (ඔක්තෝබර් 22) නිවේදනය කළේය.

මෙම නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කරන වහනවලට එම ප්‍රදේශවල නතර නොවී ගමන් කිරීමට අවසර ඇති බවයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියේ අත්‍යවශ්‍ය සේවකයින් හට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවයි.

Sinhala.