සේවා වනිතා 'අවුරුදු පොළ' අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය

අප්‍රේල් 10, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද විශේෂ අවුරුදු පොළ නැරඹීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය. මෙම විශේෂ අවුරුදු පොළ අද (අප්‍රේල් 10) දවස පුරා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදි පැවැත්විය.

නැවුම් එළවළු සහ පළතුරු, වියළි සලාක, කිරි නිෂ්පාදන, සැකසූ ආහාර නිෂ්පාදන, නිමි ඇඳුම් සහ පාවහන් ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වෙළඳ කුටිවලින් සහන මිලට මිලදීගැනීමේ පහසුකම් සැලසුනු අතර උත්සව සමයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙත සහනදායී මිල ගණන් යටතේ හොඳ තත්වයේ භාණ්ඩ පිරිනැමීමේ සුභසාධන පියවරක් ලෙස මෙම පොළ සංවිධානය කර ඇත.

මෙම අවුරුදු පොළට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.