උත්කර්ෂවත් පොසොන් භක්ති ගීත සඳහිරු සෑය අභියස

ජුනි 04, 2023

දේශයේ උදාරතර හමුදා රණවිරුවන්හට ඉහළම උපහාර පිරිනැමීම උත්තමාචාරය පිරිනමමින් විශේෂ ‘පොසොන් භක්ති ගීත’ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑ පරිශ්‍රයේදී ඊයේ (ජුනි 03) සවස පැවැත්විණි.

මිහිඳු මාහිමිපාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන අප මාතෘ භූමියට ඵෙතිහාසික ආගමනය සනිටුහන් කරන පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් වේ.

බෞද්ධ ආගමික උත්සවවලදී විශේෂයෙන් ගායනා කරනු ලබන ‘භක්ති ගීත’ (බුදු ගුණ ගී) බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගැයෙන ගීත වේ. ඒවා ආගමික ආශිර්වාද ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පිළිබඳ භක්ති ගීත ගායනා ලෙසද හැඳින්වේ.

මෙදින වැඩසටහනට අනුව සම්භාවනීය ආරාධිතයින් ආගමික වතාවත් මධ්‍යයේ සඳහිරු මහා සෑ පරිශ‍්‍රයට පැමිණ ආගමික වතාවත් සිදුකළහ.

මෙම පූජනීය පොසොන් පොහොය දිනයේදී මාතෘ භූමියට මෛත්‍රී සිතින් ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කරන ලද මෙම උත්සවයේදී පහන් දල්වා හමුදා සාමාජිකයින් විසින් ‘පොසොන් භක්ති ගීත’ගායනා කරන ලදි.

මෙම වාර්ෂික ආගමික උත්සවය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා සභාපති චිත්‍රාණි ගුණරත්න මැතිණිය, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ආඥාපති භටකාර්ය සම්පාදනය අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, අධ්‍යක්‍ෂ ජෙනරල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් රංජිත් ජයසේකර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ කාර්ය මණ්ඩලය, හමුදා සාමාජිකයින්, පාසල් සිසුන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.