වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

ඔක්තෝම්බර් 16, 2023

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 සිට 20 දක්වා චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වනු ඇත.

එම කාලසීමාව තුල වැඩබලන අමාත්‍යවරුන් ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු අද (ඔක්. 16) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අමාත්‍යාංශ වෙත පත් කර තිබේ.

ඒ අනුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කර තිබේ.