ආරක්‍ෂක ලේකම් ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ
ශිෂ්‍ය නිලධාරීන් සඳහා දේශනයක් පවත්වයි

නොවැම්බර් 10, 2023

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (නොවැ 10) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නිලධාරීන් සමඟ කාලීනව වැදගත් කරුණු පිළිබඳව දේශනයක් පවත්වමින් සිය අත්දැකීම් බෙදාහදා ගත්තේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක උපාය මාර්ග තීරණ ගැනීමේ ව්‍යුහය පිළිබඳ මෙම දේශනයේ දී ජෙනරල් ගුණරත්න විසින් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කල අතර, ජාතික ආරක්‍ෂාවේ විවිධ මානයන් පිළිබඳ ඔවුන්ගේ නිම් වළලු පුළුල් කර ගැනීමට එය ඉමහත් උපකාරයක් විය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් ආරක්‍ෂක ලේකම්වරයාව සුහදව පිළිගන්නා ලදි .

සාමූහික බුද්ධිමය ධාරිතාව තුළින් රටේ ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය ශිල්පය, පාලනය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල අනාගත ප්‍රතිපත්ති සම්පාදකයින් සංවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපායමාර්ගික අධ්‍යාපන ආයතනය ලෙස ජාතික ආරක්‍ෂක විද්‍යායතනය 2021දී ආරම්භ කරන ලදි.

මෙම දේශනය අවසානයේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක විසින් ආරක්‍ෂක ලේකම් වෙත එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද  සිදු විය.