කර්නල් නලින් හේරත් නේපාලයේදී COSATT සමුළුව අමතයි

නොවැම්බර් 13, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක සහ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් කර්නල් නලින් හේරත් Konrad Adenauer Stiftung සහ South Asian Think Tanks (COSATT) ඒකාබද්ධව නොවැම්බර් 07 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී දේශනයක් පැවැත්වීය.

COSATT යනු දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යයන ආයතන කිහිපයක එකතුවකි. එය කලාපීය වශයෙන් වැදගත් මාතෘකා සහ ගැටළු පිළිබඳව පර්යේෂණ කිරීමට සහ අධ්‍යයනය කිරීමට රැස්වේ. කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ සාමය ගොඩනැගීම සඳහා සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා අධ්‍යයන ආයතන සහ පර්යේෂණ සංවිධාන එක් කිරීමට COSATT කටයුතු කරමින් සිටී.

“වසංගතයෙන් දෙවසරකට පසු - අර්බුදකාරී ලෝකයක්”යන මාතෘකාව යටතේ මෙහිදී  අදහස් දක්වමින් ලෝකය යුද්ධය, විරැකියාව, සැපයුම් දාම කඩාකප්පල් වීම සහ කෘතිම බුද්ධියේ තර්ජන වැනි අභියෝගවලට මුහුණ දෙන අතර කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් රැකියා මිලියන 300ක් පමණ අහිමි වනු ඇතැයි ගණන් බලා ඇති බව කර්නල් හේරත් මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

තවද, දකුණු ආසියාතික රටවලට එහි බලපෑම පිළිබඳව සාකච්ඡා කරමින් පවතින ලෝක ව්‍යාකූලත්වය පිළිබඳව සහභාගිවන්නන්ගේ දැනුම පුළුල් කරමින් කාලීනව වටිනාකමක් ඇති මෙම තේමාව පිළිබඳව ඔහු අදහස් දැක්වීය.

රුසියාව සහ යුක්රේනය මෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායම වන හමාස් අතර ප්‍රධාන යුද්ධ දෙකක් සමඟින් ලෝකය දැනට මුහුණ දී සිටින විවිධ අභියෝග වලට මුහුණ දීමට ගත හැකි ඉදිරි පියවර පිළිබඳව දකුණු ආසියාතික රටවල ප්‍රවීණයන් මෙහිදී සාකච්ඡා කළහ.

මැදපෙරදිග අර්බුදය, ක්වාඩ්, චීනයේ එක් තීරයක් එක් මාවතක්, ඉන්දු-පැසිෆික්, තායිවානය, රුසියාව-යුක්රේන යුද්ධය සහ දේශගුණික අර්බුදය භූ දේශපාලන අර්බුදයන්ට හේතු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ මේජර් ජෙනරල් දිපංකර් බැනර්ජි, ආරක්‍ෂාව, ගැටුම් කළමනාකරණය සහ සාමය පිළිබඳ කාන්තා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන මල්ලිකා ජෝශප්, ඉන්දීය පදනමේ අවදේශ් මාතුර්, ස්විට්සර්ලන්තයේ නේපාලයේ හිටපු තානාපති ෂම්බු රාම් සිම්ඛදා, ඉන්දියාව ගීතා මාධවන් ඇතුළු ප්‍රවීණ විද්වතුන් මෙම සමුළුවේදී  සිය අදහස් පළ කළේය.

කර්නල් හේරත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෙක් සහ ප්‍රවීණ කතුවරයෙක්ද වේ.