නාවික හමුදා EOD සහ CBRNE විශේෂඥයින්ගේ උපක්‍රම ඉහළ නැංවීමේ පුහුණු සැසියක් ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් කෙරේ
මැයි 05, 2025ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් 24 දෙනෙකු සහ ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ සාමාජිකයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන්, පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම හා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (Explosive Ordnance Disposal and Chemical, Biological, Radiological, Nuclear and Explosive - EOD & CBRNE) සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ විශේෂිත පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව අවසන් කෙරිණ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම මෙන්ම, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය හා සම්බන්ධ අවස්ථාවන්ට හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා විෂයානුබද්ධව ක්‍රියා කරන නාවික හමුදා සාමාජිකයන් වෙත විශේෂඥ දැනුම ලබාදීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
මේ යටතේ පවත්වනු ලැබූ අංක 2025/01 දරණ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2025 අප්‍රේල් 21 සිට මැයි 01 දක්වා සාර්ථකව පවත්වන ලැබූ අතර, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත්විණි.
මෙම විශේෂ පුහුණුව මගින් අන්තරාදායක ආරක්‍ෂක අභියෝග හඳුනා ගැනීම, එහි ප්‍රමාණය තක්සේරු කිරීම සහ එවැනි ප්‍රභවයන් උදාසීන කිරීමෙන් ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කෙරෙන විශේෂඥ කුසලතාවයන් ඉහල නැංවීම අවධාරණය කරන ලද අතර, එමඟින් සංකීර්ණ හා අභියෝගාත්මක ආරක්‍ෂක අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පෙර සූදානම සහතික කිරීම තහවුරු කෙරෙන බව මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.