ඊශ්‍රායල තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 20, 2025

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති අතිගරු Reuven Javier Azar මැතිතුමා අද (මැයි 20) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා ඊශ්‍රායල තානාපතිවරයා පැමිණි අවස්ථාවේදී ඔහු උණුසුම් ලෙස පිළිගත්තේය. මෙම හමුවේදී විශේෂයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදු විය.

තවද, මෙහිදී කලාපීය ආරක්‍ෂක ගතිකත්වයන්, ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් සහ දෙරට අතර අනාගත සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.