මහජන දිනයේදී රණවිරුවන්ගේ සහ රණවිරු පවුල් සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ කැපවීම නැවත තහවුරු කරයි
මැයි 30, 2025ආරක්‍ෂක අමාත්‍යාංශය විශ්‍රාමික හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ මෙන්ම රටදැය වෙනුවෙන් දිවි පුදකල රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා වූ සිය නොසැලෙන කැපවීම නැවත වරක් ප්‍රදර්ශණය කරමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම සහ සහභාගීත්වයෙන් මහජන දින වැඩසටහන් පසුගියදා (මැයි 28) සහ අද (මැයි 30) යන දෙදින තුල ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම මහජන දින වැඩසටන්වලදී විශ්‍රාමික සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ මෙන්ම රාජකාරියේ යෙදී සිටියදී සිය ජීවිත පරිත්‍යාගකල රණවිරුවන්ගේ පවුල්වල අවශ්‍යතා සහ ගැටළුවලට විසඳුම් සෙවීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන ලදි. එහිදී ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා පෞද්ගලිකවම මැදිහත්වී, රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල ගැටළු කඩිනමින් විසඳාලීමට සහ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිණිසත්, ඔවුන් ජාතියට කළ අතිමහත් සේවය සහ කැපකිරීම වෙනුවෙන් අමාත්‍යාංශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහන්වල තවත් එක පියවරක් ලෙස මෙම මහජන දින සේවාව පවන්වන ලදී.