වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බළකා මුලස්ථානයේ සංචාරයක
ජුනි 13, 2025වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ජුනි 13) දින පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ ප්‍රජා සංවර්ධන ආයතනයක් වන ජාතික ශිෂ්‍යභට බළකායේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම සංචාරය සිදු විය.
පාසල් යන තරුණ තරුණියන් අතර විනය, නායකත්වය සහ දේශාභිමානය හා ආත්මාභිමානය ඇති කිරීමේ අරමුණින් පිහිටුවන ලද ජාතික ශිෂ්‍යභට බළකාය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ සංවර්ධන සංවිධානයකි. මෙම ආයතනය වගකීම් සහගත සහ ශක්තිමත් අනාගත පුරවැසියන් බිහි කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානය වෙත පැමිණි වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව පිළිගනු ලැබීමෙන් අනතුරුව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාසල් ශිෂ්‍යභට බාලක බාලිකාවන් සමඟ සමූහ ඡායාරූප වලට පෙනී සිටියේය. එහිදී වැඩබලන අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගීව සිටි ශිෂ්‍යභටයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක විසින් එම බළකාය පිළිබඳ පුළුල් විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේය. ජාතික ශිෂ්‍යභට බළකායේ මෙහෙවර, ක්‍රියාත්මක මෙහෙයුම්, පුහුණු ක්‍රියාකාරකම් හා සම්බන්ධ මුලපිරීම් මෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව තුල නායකත්වය සහ විනය වර්ධනය කිරීමේදී එහි වැදගත් කාර්යභාරය පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙම සැසියේදී ඉදිරිපත් කරන ලදී.
මෙම සැසිවාරයෙන් පසු වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී ජාතික ශිෂ්‍යභට බළකායේ දැනට පවතින ගැටළු පිලිබඳ විමසු වැඩබලන අමාත්‍යවරයා එම බළකායේ අනාගත සංවර්ධනය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික කළේය. සංචාරය අවසන් කිරීමට පෙර ඔහු අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සිදු කෙරෙන අඛණ්ඩ සේවාව වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.
මෙම සංචාරය මගින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් කේන්ද්‍ර කරගත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම අවධාරණය කරන ලද අතර ජාතික සමගිය, නායකත්වය සහ සිවිල් පුරවැසියන් වශයෙන් ඇති වගකීම ඉහල නැංවීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ විශිෂ්ඨ දායකත්වය විදහා දැක්වේ.