ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය රෝගී ජීවිත බේරා ගැනීමට
අත්වැල් බැඳගනී
ජුනි 18, 2025
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා මහත්මිය ගේ මඟ පෙන්වීම යටතේ, ලෝක රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනයට සමගාමීව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් අද (ජුනි 18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූ වූ අතර එම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ද සහභාගී විය.
මෙම ලේ දන්දීමේ අවස්ථාවට අමාත්‍යංශයේ සේවයේ නියතු හමුදා නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල සාමාජික සාමාජිකාවන් පිරිසක් ඉතා උද්යෝගිමත්ව සහභාගී විය. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සදහා වෛද්‍ය සහය ලබා දෙන ලදි.
මෙවැනි වැඩසටන් ක්‍රියාවට නැංවීම තුලින් සහ දායකත්වය දැක්වීම තුලින්, රාජකාරින්ට ඔබ්බෙන් මානුෂීය සේවය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ ස්වකීය කැපවීම පිළිබිඹු කරන අතර, ස්වේච්ඡා දායකත්වයන් තුළින් ජාතික සෞඛ්‍ය සුභසාධනයට සහාය වීමට ආරක්‍ෂක අමාත්‍යාංශ දක්වන උත්සාහය ද පෙන්නුම් කරයි.