විශ්‍රාම යන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජුනි 20, 2025

විශ්‍රාම යන ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (ජුනි 20) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍යයෙදී හමුවිය.

මෙම හමුවේදී,මේජර් ජෙනරල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ජාතික ආරක්‍ෂාවට සිදු කළ සේවය සහ දායකත්වය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කල අතර, ඔහුගේ සේවා කාලය තුළ ලබාගත් මූලික ජයග්‍රහණයන් සහ සිදු කරන ලද සාමූහික උත්සාහයන් පිළිබඳවත් එම ක්‍රියාකාරකම්  ඔස්සේ සන්නද්ධ හමුදාවන්ගේ ශක්තීන් හා වෘත්තීයභාවය දියුණුවට දායක වූ අකාරයත් සිහිපත් කර සිටින ලදි.   

තවද, ආරක්‍ෂක ලේකම්වරයා, සේවයෙන් නික්ම යන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයාගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථකත්වය වෙනුවෙන් සහ යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියක් වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළේය.