එක් ලෝකයක්, එක් සෞඛ්‍යයක් සඳහා යෝගා සැමරුම කොළඹදී

ජුනි 21, 2025

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කල 11 වන ජාත්‍යන්තර යෝගා දින වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (ජුනි 21) දින පැවති අතර එම උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි 21 ජාත්‍යන්තර යෝගා දිනය ලෙස 2014 වසරේ දී ප්‍රකාශයට පත්කිරීමත් සමගින් ජාත්‍යන්තර යෝගා දිනය ගෝලීය වශයෙන් සමරන්නට විය. මෙම වසරේ එම සැමරුම "එක් ලෝකයක්, එක් සෞඛ්‍යයක් සඳහා යෝගා" යන තේමාව ඔස්සේ පැවැත්වෙන අතර එය පුද්ගල යහපැවැත්ම සහ ලෝක සෞඛ්‍යය අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය අවධාරණය කරයි.

සම්භාවනීය අමුත්තන් සහ සහභාගිවන්නන්ගේ පැමිණීමෙන් උත්වසයේ කටයුතු ආරම්භ වූ අතර ආචාර්ය විමල්සාර මහා නා හිමි ප්‍රමුඛ අතිපූජ්‍ය මහාසංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව, පසුගිය වසර 10 තුල ජාත්‍යන්තර යෝගා දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලැබූ ආකාරය දැක්වෙන සාරාංශගත වීඩියෝ පටයක් ප්‍රදර්ශණය කිරීම මගින් දිනයේ කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබීය.