අපගේ රණවිරුවන්ට ගෞරවය පුද කිරීමයි : මහජන
දින වැඩසටහන සඳහා මුලපිරීම
ජුලි 15, 2025
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අද (ජූලි 15) දින නියෝජ්‍ය අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති මහජන දින වැඩසටහනේදී රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා තම නොසැලෙන කැපවීම යළිත් තහවුරු කළේය.
රට දැය වෙනුවෙන් සටන් වැද දැනට විශ්‍රාමිකව සිටින සහ කුරිරු යුද්ධයේදී තම ශරීර කොටස් අහිමි වූ ආබාධිත රණවිරුවන්ගේ මෙන්ම සිය ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කල අභීත රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා මැදිහත් වීමේ අරමුණින් මෙම මුලපිරීම සිදු කරන ලදි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ සෘජුවම සම්බන්ධ වූ අතර, එම ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබා ගත හැකි ප්‍රවේශයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ දුක්ගැනවිලි සහ යෝජනාවලට අවධානයෙන් සවන් දුන්නේය. මහජන දිනයට සහභාගී වු පිරිස විසින් ඉස්මතු කල ගැටළු විසඳීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස ඔහු අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, සංවේදි සහ කාර්යක්‍ෂම අයුරින් ප්‍රතිචාර දක්වනු ලබන සුභසාධන ක්‍රියාවලියක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
තවද, ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුළුල් දැක්ම අවධාරණය කරමින් විශ්‍රාමික හෝ ආබාධිත රණවිරුවන්ගේත් වියෝ වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමේ වැදගත්කම ද මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) අවධාරණය කළේය. ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් අපගේ රණවිරුවන් විසින් සිදුකල අමරණිය දායකත්වයන් සහ විශිෂ්ඨ කැපකිරීම් වෙනුවෙන් රජය දක්වන පිළිගැනීම ඔහුගේ ප්‍රකාශවලින් ඉස්මතු වූ අතර, ඔවුන්ගේ ගෞරවය සහ යහපැවැත්ම ආරක්‍ෂා කිරීම සඳහා රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද පොරොන්දු විය.
මෙම මුලපිරීම ජාතියේ වීරයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ලැබිය යුතු ගෞරවය සහ සහයෝගය නිසි ලෙස ලැබෙන බව සහතික කරමින්, යුධ ප්‍රවීණයන් ගේ සුභසාධනය වෙනුවෙන් පුළුල් ප්‍රවේශයක් පෝෂණය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම සඳහා සාක්‍ෂි දරයි.