අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අවසන් කටයුතු
රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ

ජුලි 25, 2025

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අවසන් කටයුතු ඊයේ (ජූලි 24) දින රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

පූජ්‍ය ධම්මදස්සි නාහිමියන්ගෙන් බුද්ධ ශාසනයට සහ ශ්‍රී ලාංකික ජාතියට සිදු වූ ඉමහත් සේවයට සිය ගෞරවාන්විත කෘතවේදීත්වය දක්වමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද නාහිමිපාණන් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය. 

අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක නාහිමියන් වහන්සේ බැහැ දැකීමට ගිය අතර, මෙම අවස්ථාවන්ට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, ආරක්‍ෂක ලේකම්වරයා සමඟ එක් වූහ.