මහජන දිනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් හා රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනයට පියවර

ජුලි 30, 2025

විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටළු නිරාකරණයට හා ඔවුන්ගේ පාලන කටයුතු පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් සිදු කරනු ලබන මහජන දිනය තුන්වන වරටත් අද (ජුලි 30) දින  නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ  ප්‍රදානත්වයෙන් ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණ. 

මෙම මහජන දින හමුවේදී රණවිරුවන්ගේ හා දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල අවශ්‍යතා සහ ගැටළුවලට විසඳුම් සෙවීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන ලද අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලිකවම රණවිරුවන්ගේ සහ ජීවිත පුදකල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටළු පිළිබඳ සොයාබැලීමටත්, හදුනාගනු ලැබූ පාලන ගැටළු කඩිනමින් විසඳාලීමට සහ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම පිළිබඳ අවශ්‍ය උපදෙස් අදාළ බලධාරීන් වෙත ලබාදීමද, සිදු කරන ලදි.

මහජන දින සේවාව රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ ජීවන තත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවති අතර, තවදුරටත් එය රණවිරුවන් ජාතියට කළ අතිමහත් සේවය සහ කැපකිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන අඛණ්ඩ කැපවීම මානව පෙන්නුම් කළ තවත් සුවිශේෂි අවස්ථාවක් විය.